ඉදිරි ජනාධිපතිවරණයට තමන් ද තරග කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර සිටියි.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ඔහු පවසයි.

හිටපු ජනාධිපතිවරයා එබව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන්ගෙන් ඔහු එහිදී සමාව ඉල්ලා සිටියේය.

තම පාලන කාලය තුළ මෙවැනි ඛේදවාචකයක් සිදුවීම සම්බන්ධයෙන් සමාව අයදින බවත්, එම ප්‍රහාර පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත් ඔහු සඳහන් කළේය.

"මම වරදක් කළා කියලා තීන්දුවෙන් කියවෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා පත්කළ නිලධාරීන් කරන වැරදිවලට ජනාධිපතිතුමාත් වගකියනවා කියලා. ඒක තමයි නඩුවට මගේ සම්බන්ධය," හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.






රනිල් මීළඟ ජනාධිපතිවරණයට එන බව එජාප මහලේකම් කියයි


තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශකර සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත්කර පැය 24ක් යාමටත් පෙරදී වීම සුවිශේෂී කාරණයකි.

මීළඟ ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ඊයේ රාත්‍රී පැවසිය.

ඒ, හිරු ටී.වී ඔස්සේ ඊයේ (30) රාත්‍රියේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි.


පුංචි ඡන්දේ කල්දැමීමට තවත් උප්පරවටියක් !


ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන පරිදි මේ වසරේ නොවැම්බර් අගදී හෝ දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දුකර ඇත. එතෙක් කිසිඳු මැතිවරණයක් නොපැවැත්වීමට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

2023 ජනවාරි මස රාජ්‍ය ආදායම මාසික වියදම් ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබීම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් සිදුකල ප්‍රකාශයක් විය හැකිබවට විපක්ෂය සැක මතුකරයි.

වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන, ඖෂධ සහ ණය සේවා සඳහා ගෙවීම් හැර අනෙකුත් සියලුම වත්මන් වියදම් පියවා ගැනීම මහා භාණ්ඩාගාරයට අභියෝගයක් වී ඇති බවත් රජයේ වියදම් කපා හැරීමට උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඊයේ දැනුම් දී ඇත.

 

 


 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්