ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.



ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

වසන්ත මුදලිගේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ, යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටියේ ය.

අදාල නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කිසිදු වරදක් සැකකරු සිදු කර නොමැති බව අනාවරණය වන බැවින් ඔහු නිදහස් කරන බව ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවට අනාවරණය වන බව ද එම නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

පසුගිය වසරේ මැයි මාසයේ කොටුව බැංකු මාවතේ පැවති උද්ඝෝෂණයකදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා ඔවුන්ට අයුතු අවහිරයන් කළ බවට වසන්ත මුදලිගේට චෝදනා එල්ල වී තිබිණි.

අද මෙම නඩුවෙන් ඔහු නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ දින 150කට අධික කාලයක් සිරගතව පසු විය.


 
JW
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්