2023 මාර්තු 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඒ, දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් විසිනි.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 38/1/ඇ උපවගන්තිය ප්‍රකාරවයි.

මැතිවරණ දිස්ත්‍රික් 24 ක තේරීම් භාර නිලධාරීන් විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදන 24 ක් නිකුත් කර ඇත.

ඒ අනුව මාර්තු 09 වනදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මාර්තු 09 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ලියාපදිංචි දේශපාලන පක්ෂ 58ක සහ ස්වාධීන කණ්ඩායම් 329ක අපේක්ෂකයින් 80,720ක් නාමයෝජනා බාරදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්