නීතිවිරෝධී ලෙස සිදු කෙරෙන ජංගම දුරකථන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ජංගම දුරකථන ආනයනකරුවන් සමඟ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (31) පැවති සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ, මේ හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බව යි.
නීත්‍යානුකූල ව ආනයනය කෙරෙන සියලුම දුරකතනවල ඉමි අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරේ.
එහෙත් නීතිවිරෝධී ලෙස ආනයනය කෙරෙන දුරකතන එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නො කරන බව එහි දී අනාවරණ විය.
නීතිවිරෝධී ලෙස ජංගම දුරකතන ආනයනය වැලැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන ලබන සඳුදා වන විට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා එහි දී දැනුම් දී තිබේ.
රජයේ බදු ආදායම අහිමි කරමින් - ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ලියාපදිංචි නොකළ ජංගම දුරකතන පාර්සල් අදින්නන් හරහා ගෙන්වන ජාවාරම වැලැක්වීමට සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ද මැදිහත්ව තිබිණ.
සබැඳි පුවත් :
ජංගම දුරකතන හොරපාරෙන් ගෙන්වන ජාවාරමට එරෙහිව මනුෂ මැදිහත්වේ!