ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටට අහිතකර කොන්දේසි වලට යටත්ව ලබාගන්න IMF ණය තමන්ගේ රජයක් බලයට පත්වූවිට කිසිඳු ලෙසකින් ආපසු නොගෙවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.
සමගි ජන බලවේගයේ නායකයා මේ බව පවසා සිටියේ පෙරේදා (30) කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ පැවැති සමගි ජනබලවේගයේ ජන රැළියක් අමතමිනි.
ආණ්ඩුවේ නොහැකියාව සහ නිවටකම හේතුකොටගෙන ශක්තිමත් ලෙස ජාත්‍යන්තරය අභියසට ගොස් කටයුතු කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ කලාව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ඔප්පු කොට ඇතැයි ද මෙහිදී සිහිපත් කළේය.
සුන්දර වචන වලට රැවටී වතාවක් රට බංකොලොත් කරගත්තත් මෙන් නැවත වැරදි තීන්දුවක් ගතහොත් මේ තිබෙන තැනින්ද රට පහලට වැටෙන බව සජබ නායකයා මෙම රැලිය අමතමින් කියා සිටියේය.

