ආණ්ඩුව ඉදිරියේ දණ ගැසීමට සුදානම් නොවන බවත්, රජය ජනතාවට ඇති කර තිබෙන

පීඩාවට එරෙහිව තවදුරටත් අරගල කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා පිටව යන අවස්ථාවේදී පැවසුවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තබා ගෙන ඉන්පසු තවත් දින 78ක් රක්ෂිත බන්ධනාගාර ගත සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (පෙබරවාරි 01) ඇප මත නිදහස ලැබුවේය.

''ආණ්ඩුවට ඕනෑකම තිබුණේ අපිව හිර කරලා, පුළුවන් නම් ඝාතනය කරලා දාන්න. ඒවාට සැලසුම් කළේ කොහොමද ? මොන තැන්වලට ද අරන් ගියේ කියලා හෙට විශේෂ මාධ්‍ය හමුවක් තියලා කියන්නම්.'' යනුවෙන් ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේය.

  

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්