රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (01) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබු කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පොලිස් ඇප මත මුදාහැර තිබේ.



පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් පැදවූ වාහනයක් ඊයේ (01) සවස 5.30 ට පමණ කොළඹ ආමර් වීදියේදී පාර අයිනේ නවතා තිබු යතුරු පැදියක ගැටී ඇති අතර යතුරු පැදියේ සිටි පුද්ගලයා තුවාල ලබා ඇත.

අනතුරුව පියතුමන් වහාම තුවාලකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර කොටහේන පොලිසියට ගොස් අනතුර සම්බන්ධයෙන් දැනුම්දී තිබේ.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් ජාතික රෝහලෙන් කළ විමසීමකදී තුවාලකරුගේ කොඳු ඇට පේලියේ ඉල ඇට දෙකක් බිඳී ඇතිබවට වාර්තා වීමත් සමග සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ බව වාර්තා වීමත් සමග අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත දුරකථන පණිවිඩ දෙමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පොලිස් ඇප මත මුදාහරින ලෙස කාරුණික ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව අද උදැසන පොලිස් ඇප මත මුදා හැරීමට පොලිසිය විසින් කටයුතු කර ඇත.

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්