කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුර සඳහා සුදුස්සකු පත්කර ගැනීමට අද (2) පවත්වන ලද ජන්ද විවිමසීමකදී සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්වූ සුමේධ අරුණශාන්ත වැඩි ජන්ද 4 කින් ජයග්‍රහණය කළේය.



නව නගරාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පවත්වන ලද ජන්දය සඳහා සුමේධ අරුණශාන්ත සමඟ විපක්ෂයම නියෝජනය කළ කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වුවද ඔහුට ලැබී තිබුණේ ජන්ද 6 ක් පමණී. සුමේධ අරුණශාන්තට ජන්ද 10 ලැබුණි.

සුමේධ අරුණ ශාන්ත කුරුණෑගල මහ නගර සභාවට පත්වූ 17 වැනි නගරාධිපතිවරයා වේ.

වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයකු වන සුමේධ අරුණශාන්ත, කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහලේ සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පනස් දෙහැවිරිදි ඔහු දෙදරු පියෙකි.

(lankadeepa.lk)


JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්