තම හැරදාගිය පිරිසක් නිර්මාණය කළ ‘හෙලිකොප්ටරය’ ලකුණ සහිත කණ්ඩායම

වැඩිකල් නොගොස් නෙළුම් මාවත හෝ මැඳමුලනට කඩාවැටේ යැයි විශ්වාස කරන බව පොහොට්ටු පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් පැවසීය.

ඔහු එබව කියා සිටියේ, පොහොට්ටු පක්ෂයේ මැතිවරණ සංවිධාන කටයුතු පිළිබඳව නෙළුම් මාවත එම පක්‍ෂ කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.

පොහොට්ටු පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් ඇතුළු පක්‍ෂය හැර ගිය සියලු දෙනා පක්‍ෂයෙන් ඉවත් කරන බවත් ඒ සඳහා නීතිමය කටයුතු කරමින් සිටින බවත් සාගර කාරියවසම් මහ ලේකම්වරයා එහිදී පැවසිය.

සභාපති ජී. එල්. පීරිස් පක්‍ෂය හැරදා ගිය ද කිසිඳු අඩුවක් වී නොමැති බව කී සාගර කාරියවසම් මන්ත්‍රීවරයා, එවැනි අඩුවක් නොපෙනෙන බව ද සඳහන් කළේය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්