නිදහස් දවසෙ නිදහස ගැන එක එක මානයන්ගෙන් බලන්න පුළුවන්. දේශපාලන නිදහස,

ආර්ථික නිදහස, සමාජයීය නිදහස, ලිංගික නිදහස වගේම ආධ්‍යාත්මික නිදහස කියන්නෙත් නිදහස් දවසෙ හිතලා බලන්න වටින කාරණා.

ඉස්සර නිදහස වෙනුවෙන් පත්තරවල වෙනම සමරු කලාප මුද්‍රණය වුණා. නිදහසේ විවිධ පැතිකඩ ඒ පිටුවල කතා වුනා. ඒත් මේ වෙද්දි කඩදාසි මිළ ගණන් එක්ක පත්තර පිටු ඇකිළිලා ගිහින්. ඒ හින්ද නිදහස ගැන කතා කරන්න තියෙන හොඳම වේදිකාව වෙන්නෙ ඩිජිටල් මාධ්‍යයි.

මේ පෙබරවාරියෙ එක පසෙකින් සමරන්න කෝ නිදහසක් කියද්දි, අනෙක් පසෙන් නිදහස සමරන්නෙ නැතුව කොහොමද කියද්දි freedom tv අපි හෝරා 06ක නිදහස් සජීවී විකාශයක් කරනවා.

නිදහස ගැන සීරියස් කතාවලට වගේම නිදහස ගැන විහිලු කතාවලටත් එතන ඉඩ තියෙනවා. වැදගත් දේ වෙන්නෙ නිදහස ගැන අදහසක් තිබීම විතරයි. ඒ හැම අදහසක්ම නිදහස් කරන්නයි අපි සූදානම් වෙන්නෙ.

Freedom tv කියන්නෙ මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ රැඩිකල් මැද ලිබරල් අදහස් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් වැඩ කරන යූටියුබ් නාලිකාවක්. සුළු ජාතීන්ගේ නිදහස, විකල්ප ලිංගිකත්වයන්ගේ නිදහස, සංස්කෘතික නිදහස, ආදී කලාප ගණනාවකම රැඩිකල් මැදිහත්වීමක් කළ මංගලගේ නිදහස් අදහස්වලට තටු ලබාදෙන freedom tv ලංකාවෙ නිදහස් ප්‍රකාශනය පිළිබඳ සුවිශේෂ සළකුණක් තබනු ඇති.

Freedom

 

 

 

 

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්