සති අන්ත පුවත්පත් කිහිපයක වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා

නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (05) පෙරවරුවේ රුවන්වැල්ලේ පැවති වැඩසටහනකදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

 
 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙසේ සඳහන් කළේය.

 



ඡන්දේ මූලික වියදමට රුපියල් මිලියන 770ක් ඉල්ලයි

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770ක මුදලක් පෙබරවාරි මාසය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.

මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මූලික වියදම් සඳහා පෙබරවාරි මාසය තුළ මිලියන 770ක මුදලක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇත.

ඒ අනුව අදාළ මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මැතිවරණ වියදම් වෙනුවෙන් මීට පෙර මුදල් අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 37කට ආසන්න මුදලක් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය දක්වා කාලය තුළ රුපියල් බිලියන 04ක පමණ මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.


''පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කිරීම ඉතා අසීරුයි'' - රජයේ ⁣ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීම ඉතා අසීරු බව, රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

ඔහු අනාවරණය කළේ, මහා භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවයි.

මේ වනවිට සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පවතින මුදල් අර්බුදය, දැඩිව බලපා ඇතැයි ද අදාල  ප්‍රකාශකයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඔහු පැවසුවේ හැකි සෑම අවස්ථාවකදීම අවශ්‍යතාව මත මුදල් නිකුත් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවය.

News 1st මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ගෙන් විමසීමක් සිදුකළ අතර ඔහු සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය ව්‍යවස්ථාපිත වගකීමක් බැවින් කඩින් කඩ හෝ මුදල් ලබාදෙන බවට, මුදල් අමාත්‍යංශය මීට පෙර සඳහන් කළ බවයි.

ඒ අනුව කටයුතු කරනු ඇතැයි කොමිසමේ විශ්වාසය බව, සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්