රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ රටට අවශ්‍ය මූල්‍ය මුදල් අමාත්‍යාංශය විසින්

ඉතාම අසීරු කළමනාකාරීත්වයකින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අද (05) දින අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


එමෙන්ම අනෙකුත් සියළුම අමාත්‍යාංශවල වියදම් කළමනාකරණය කරමින් නිරන්තර සාකච්ඡා හා නියාමන තුළින් වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත යම් යම් පාර්ශ්වයන් විවිධ බලපෑම් හා පීඩන එල්ල කරනු ලබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මහජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතුව ඇති වියදම් සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශ නිලධාරීන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ එහිදී සඳහන් කළේය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්