පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු සඳහා යොදවන රථවාහනවලට ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි QR ක්‍රමවේදය සකස් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මෙතෙක් පියවර ගෙන නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.



එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මැතිවරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිදි QR ක්‍රමවේදය සකස් කර දෙන ලෙස එම අමාත්‍යංශ ලේකම්වරයාගෙන් මීට මාසයකට පමණ පෙර ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් ඊට අදාළ ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා වාහන සහ ඒවාට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් දක්වා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වෙත වාර්තාවක් ලබා දී ඇත.

උපරිම වශයෙන් වාහනයකට ඉන්ධන ලීටර 100ක් පමණ ඉල්ලා ඇති බවත් එලෙස උපරිම වශයෙන් ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වන්නේද මැතිවරණ යොදා ගන්නා වාහන වලින් කොටසකට පමණක් බවත් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබා දීම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ වගකීමක් වන බවයි.



ඡන්දෙට සල්ලි නැත්නම් මන්ත්‍රී වැටුප් අත්හිටුවන්න


පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් රජයෙන් ඉල්ලීමක් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදී රජය මැතිවරණය නොපැවැත්වීමට උත්සාහ දරන බවද ඔහු සඳහන් කළේ ය.



 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්