සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ අද (06) ප්‍රබල භූමිකම්පාවක් හටගෙන

ඇති අතර, එම භූකම්පනයෙන් මේ වනවිට තුර්කියේ සහ සිරියාවේ 2300කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිට තුර්කියේ මරණ 1541ක් සහ සිරියාවේ මරණ 810ක් වාර්තා වන බවය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ රිච්ටර් මාපකයේ 7.8 ක කම්පනය දේශීය වේලාවෙන් පස්වරු 04:17 ට (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.47ට පමණ) ගාසීඅන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී ඇති ව ඇති බවයි.

තුර්කි උප ජනාධිපති පුවාත් ඔක්ටයි පැවසුවේ තුර්කියේ මියගිය සංඛ්‍යාව මේ වන විට 284 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සිරියාවේ පුද්ගලයන් 230 කට වැඩි පිරිසක් මිය ගිය බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

thurkey

සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඇලේපො, ලටාකියා, හමා සහ ටාටස් යන පළාත්වල පුද්ගලයන් මියගොස් ඇති බවයි.

ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි බියක් පවතී.තුර්කි උප ජනාධිපති පුවාත් ඔක්ටයි පැවසුවේ තුර්කියේ මියගිය සංඛ්‍යාව මේ වන විට 284 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

බොහෝ ගොඩනැගිලි කඩා වැටී ඇති අතර විශාල සුන්බුන් ගොඩවල් යට දිවි ගලවා ගත් අය සෙවීම සඳහා මුදා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.

තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ සුලෙයිමාන් සෝයිලු පැවසුවේ නගර 10 කට බලපෑම් එල්ල වී ඇති බවයි: ගාසියාන්ටේප්, කහමරන්මාර්ෂ්, හාටයි, ඔස්මානියේ,ආඩියාමාන්,මලටියා,ෂාන්ලුර්ෆා,ඩානා,ඩියාර්බකා සහ කිලිස් යනු ඒවායි.

ගාසීඅන්ටෙප්හි ඊසාන දෙසින් පිහිටි මලටියා පළාතේ අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය බලධාරීහු පවසති. නැගෙනහිරින් ෂාන්ලුර්ෆා හි මරණ 17 ක් සිදු වී තිබේ.ඩියාර්බකා සහ ඔස්මානියේ තවත් මරණ වාර්තා විය.

තුර්කියේ අවම වශයෙන් පුද්ගලයන් 2,323 ක් සහ සිරියාවේ 639 ක් තුවාල ලබා තිබේ.

ඩියාර්බකාහි බීබීසී තුර්කි වාර්තාකරුවෙකු වාර්තා කළේ නගරයේ සාප්පු සංකීර්ණයක් ද කඩා වැටී ඇති බවයි. 


මලටියා හි භූමිකම්පා සුන්බුන් තුළ මිනිසුන් සොයමින්

කම්පනය ලෙබනනයට සහ සයිප්‍රසයට ද දැනී ඇත.

ලෙබනන් අගනුවර වන බීරූට් හි ශිෂ්‍යයෙකු වන මොහොමඩ් එල් චමා බීබීසී වෙත පැවසුවේ "මම මොකක් හරි ලියමින් හිටියේ හදිසියේම මුළු ගොඩනැගිල්ලම හෙලවෙන්න ගත්ත. මෙට ඒ දැනුණේ මොකක්ද කියලා මං දනන් හිටියේ නෑ "

"මම ජනේලය ළඟ හිටිය නිසා ඒවා කැඩීලා බිඳිලා යයි කියලා මම බය වුණා. විනාඩි හතරක් හෝ පහක් ගත වුණාට පස්සේ එක වුණාට පස්සේ ඒක බිහිසුණු වුණා" ඔහු පැවසිය.

ගාසා තීරයේ බීබීසී නිෂ්පාදකවරයෙකු වන රුෂ්ඩි අබුආලාවුෆ් පැවසුවේ ඔහු රැඳී සිටි නිවසේ තත්පර 45 ක පමණ සෙලවීමක් ඇති වූ බවයි.

thurkey map

තුර්කි භූ කම්පන විද්‍යාඥයන් ඇස්තමේන්තු කළේ භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 7.4ක් ලෙසයි. කෙසේ වෙතත් මිනිත්තු කිහිපයකට පසු දෙවන කම්පනයක් කලාපයට පැමිණි බව ඔවුහු පැවසූහ

තුර්කිය පිහිටා ඇත්තේ ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී භූමිකම්පා කලාපයක ය.

මීට පෙර 1999 වසරේදී, රටේ වයඹ දෙසින් ඇති වූ බලවත් කම්පනයකින් 17,000 කට වැඩි පිරිසක් මිය ගියහ.

00001

00012

00121
(BBC සිංහල සේවය)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image