මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන්

හෝ අධිකරණය හමුවේ තිබෙන නඩුවේ නියෝගය අනුව පමණකැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි අවධාරණය කර සිටියි.

රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රෝහණ හෙට්ටිආරච්චි එබව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා මෙසේ ද කීවේය.

''නාමයෝජනා ගත්තත් පළාත් පාලන මැතිවරණය පවත්වන එකක් නෑ කියලා සමහරුන්ගේ විශ්වාසයක් තියනවා. ආණ්ඩුව සල්ලි නැති නිසා මැතිවරණය තියන්න බෑ කියන පදනම ජනගත කරනවා. මුදල් නැහැ කියලා ලෝකයේ කිසිම රටක් මැතිවරණ පවත්වන්නේ නැතිව ඉඳලා නෑ. පාර්ලිමේන්තුවේ පනතක් ගෙනත් මැතිවරණය කල්දාන්න වත්මන් වාතාවරණය අනුව අමාරුයි. එහෙම කළොත් අධිකරණය හමුවේ ඊට අභියෝග කරන්න කෙනකුට පුළුවන්.

ලබන 10වැනිදා මේ මැතිවරණය සම්බන්‍ධයෙන් අධිකරණයේ ඇති නඩුව කැඳවන බවත් එදින මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් ලැබෙන බවටත් සමහරු පුරෝකථනය කරගෙන යනවා. එහෙත් 2016 ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සම්බන්ධ නඩුව සහ 2008 වරුණ කරුණාතිලක නඩුකරවල තීන්දු මැතිවරණ සම්බන්ධයෙන් අධිකරණ මගින් දුන් පූර්වාදර්ශ නඩු තීන්දු අපට තියනවා. ඡන්දදායකයාගේ ඡන්ද අයිති පැහැර ගැනීමට ගත් උත්සාහයේ දී ඒ අයිතිය රැක දීමට අධිකරණය ක්‍රියා කළ එම නඩුකරවලට සමාන ඉල්ලීමක් මෙවරත් තියන නිසා පූර්වාදර්ශ නඩු තීන්දුවලට සමාන නියෝගයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මැතිවරණය පැවැත්වීම ගැන සැක ඇතිකර ගන්න එපා.''


මැතිවරණ කල් දමනවා ද ? ශ්‍රේෂ්ඨාධිකරණය 10 වෙනිදා උත්තරය දෙයි

මැතිවරණය පවත් වනවා ද නැද්ද යන්න විසඳුම ලැබිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

මැතිවරණ කල් දමනවා ද කියා මාධ්‍යවේදීන් පොළොන්නරුවේ දී ඔහුගෙන් කළ විමසුමකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසිය.

"මැතිවරණය කල් යනවද නැද්ද කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට තීන්දුව දෙන්නේ මැතිවරණ කොමිෂම සහ රජය තමයි ඒගොල්ලන්ගෙ සාකච්ඡා තුළ දැන් ලබන 09, 10 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙනවා.

රජයත් මැතිවරණ කොමිසමක් දෙපාර්ශ්වයේම නඩු දිනයට ඉදිරිපත් වේවි. එදාට දෙපාර්ශ්වය සමග සාකච්ඡා කරලා ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ගන්න තීරණය කුමක්ද කියලා අපිට තවම කියන්න පුළුවන් කමක් නැහැ බොහෝ විට එතැනින් තමයි ප්‍රශ්නය විසඳෙන්නේ කියන එකයි මගේ අදහස."

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්