ඊයේ (06) පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී අනුමත කළ යෝජනා අතර අංක 13 යටතේ ගෙන ඇති තීරණය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බාධාවක් වියහැකි බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.



''මූල්‍ය තත්ත්වය තුළ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වා ගෙන යාම'' යන යෝජනාව යටතේ වූ කැබිනට් තීන්දුවේ මෙසේ සඳහන් වේ.

''පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන්  8.3% ක් තරම් පහත අගයකට පැමිණ තිබේ. එම තත්ත්වය යහපත් වනතෙක් මහජන සේවාවන් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අරමුදලක් නිදහස් කිරීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම් වෙත උපදෙස් දීම පිණිස මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.''

cabinet 2

'ඡන්දෙට සල්ලි නුදුන්නොත් උසාවි යනවා' - මැ.කො.ස. සභාපති කියයි


කෙසේවුවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා ‘මව්බිම’ට පවසා ඇත්තේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මූලික වියදම් සඳහා මුදල් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමට භාණ්ඩාගාර ලේකම්වරයා නිසි ප්‍රතිචාරයක් ලබා නොදුනහොත්, ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන බවයි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු මැතිවරණයකදී දායකත්වය ලබාදෙන ආයතන, අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම්වලට අනුව මූලික වියදම් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770ක් ඉල්ලූ බව සභාපතිවරයා සඳහන් කරයි.

 

පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවට හා එම ඡන්දය පැවැත්වීම අත්හිටුවිය යුතු යැයි ඉල්ලා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වීමට නියමිතව ඇති බව සඳහන් කළ සභාපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීන්දුව භාරගත යුතු බව කියා සිටියි.  ඡන්දය සඳහා අවශ්‍ය අත්තිකාරම් මුදල් ඒ ඒ ආයතනවලට ලබා දීමට අවශ්‍ය මුදල් නොලැබුණහොත් ඡන්ද විමසීම ප්‍රකාශිත දිනයේ පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද ඔහු පවසයි.

 

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද රුපියල් මිලියන 100ක් අත්තිකාරම් වශයෙන් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති අතර මේ වනවිට රුපියල් මිලියන 40ක මුද්‍රණ කටයුතු නිමාකර ඇත. තවත් රුපියල් මිලියන 60ක මුද්‍රණ කටයුතු කඩිනමින් කළ යුතුව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

 
 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්