තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක BBC සිංහල සේවයට පැවසුවාය.



තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු භූ කම්පන සිදු වූ ප්‍රදේශවල ජීවත් වී තිබේ. භූ කම්පනවලින් අනතුරුව ඉන් 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු ලැබී ඇත.

මේ දක්වා තොරතුරක් නොලද කාන්තාවගේ දුරකථනය පමණක් හමු වී තිබේ.

සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ හටගත් ප්‍රබල භූ කම්පනවලින් මිය ගිය පුද්ගලයන් ගණන 4300 ඉක්මවා ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 15,000කට අධික වේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, තුර්කි භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 8 ගුණයකින් ඉහළ යා හැකි බවයි.




භූ කම්පනයෙන් පසු තුර්කියේ තත්ත්වය පෙන්වන ඩ්‍රෝන් කැමරා දර්ශන


තුර්කියේ හටායි පළාතට සිදුව තිබූ දැවැන්ත ව්‍යසනය මෙම ඩ්‍රෝන් කැමරා දර්ශන මගින් දැකගත හැකිය.

දිවි ගලවාගත් පුද්ගලයින් සොයා සහන සේවකයින් සුන්බුන් වූ ගොඩනැගිලි මතට ගොඩ වෙද්දී පවා කඩා වැටුණු ගොඩනැගිලිවලින් දුම් රොටු විහිද යමින් තිබේ.

සඳුදා අලුයම ඇති වූ රික්ටර් මාපක 7.8ක භූ කම්පනයෙන් දකුණු තුර්කියට සහ උතුරු සිරියාවට දැඩි හානි සිදු විය.




තුර්කි භූමි කම්පාව: පළමු භූ කම්පනයේ සුවිශේෂී වීඩියෝ දර්ශන


BBC විසින් තහවුරු කර ගන්නා ලද, සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශනවලින් තුර්කිය සහ සිරියාවට බලපෑ පළමු භූ කම්පනයෙන් වූ හානිය පෙන්වයි.




තුර්කි-සිරියා භූමිකම්පාව:කඩා වැටුණු සිරියාවේ ගොඩනැගිල්ලකින් කුඩා දරුවකු බේරා ගන්නා දර්ශනයක්


සිරියාවේ සහ තුර්කියේ ඇති වූ බිහිසුණු භූමිකම්පාවෙන් මිනිසුන් සිය ගණනක් මිය ගිය පසු අසාස්‌හි සුන්බුන් අතරින් කුඩා දරුවෙකු සොයා ගන්නා ලදී.


සඳුදා අලුයම මිනිසුන් නිදා සිටියදී රික්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාව ඇති වූ අතර පැය කිහිපයකින් පසු කම්පන දුසිම් ගණනක් දැනී ඇත.

සංවේදී දර්ශන සහිතයි

.


(BBC සිංහල සේවය )

 
 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්