මෙරට බටහිර මුහුදු සීමාවේදී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අබලි යකඩ මෙරටින් රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ලබාගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.



ඒ සඳහා රේගු ගාස්තු ලෙස මෙම යකඩවල වටිනාකමෙන් සියයට 10 ක මුදලක් ගෙවීමට ද අදාළ සමාගමට සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ, නියමිත බදු ගෙවීමකින් තොරව කපා ඉවත් කිරීමට කිසිසේත් ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

යකඩ මෙට්‍රික් ටොන් 48,000ක් පමණ නෞකාවේ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ සැලකිය යුතු බදු මුදලක් මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

“ඊයේ ජනාධිපතිතුමා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණ. රටේ මුහුදු සීමාව තුළ තියෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් රට තුළ පවතින නීතියට අනුව කටයුතු කළ යුතු බව එහි දී එතුමා පැහැදිලිවම ප්‍රකාශ කළා. ඒ නිසා මේ යකඩ වැටෙන්නෙ අබලි යකඩ ඝනයට. කිසියම් පාර්ශ්වයකට මේ යකඩ රැගෙන යන්න අවශ්‍ය නම් ආනයන අපනයන බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඊට අමතරව රේගු ගාස්තු ගෙවිය යුතුයි. රේගු අඥාපනත යටතේ මේ යකඩවල වටිනාකමෙන් 10%ක් සෙස් බදු ලෙස අය විය යුතුයි” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.






 සබැඳි පුවත් :

වන්දියක්වත් නොගෙන ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නැව රැ‍ගෙන යාමට ඉඩ දෙයි

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !






JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates