මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.



13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමග මෙම උණූසුම්කාරී තත්වය ඇති විය.

ජනාධිපතිවරයා විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ගෙන ඇති තීරණයට, මහා සංඝරත්නය විරෝධය පළකරමින් මෙම විරෝධතා පාගමන කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් ආරම්භ කර පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ.

මෙම විරෝධතාවයට වැඩමවා වදාළ මහ සංඝරත්නයට පානීය ජල බෝතල් හා වෙනත් පහසුකම් සපයා තිබුනේ Urban Citizens මහජන ව්‍යාපාරයයි.

මේ අතර ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රට බෙදීමට හෝ බෙදීමට තුඩු දෙන හෝ කිසිදු පියවරක් තම ආණ්ඩුව විසින් නොගන්න බව අවධාරණය කර  සිටියේය.




image f32bb5fbdc

1675835221 bikshu L


කොටුවට යුද හමුදාව කැඳවයි


මේ අතර වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත.

මේ වන විට විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් වැසි ඇත.

image bedb306961image 38a5a97604



JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්