තමා දේශපාලනයෙන් සමුගැනීමට තිරණයක් ගෙන නොමැති බවත් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්
මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ පසුගිය ඉරිදා රාත්‍රී වැලිගම මැරියට් හෝටලේ පැවති සුහඳ හමුවකට එක්වෙමිනි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් උපකාර කල සිය හිතවතුන් පිරිසක් වෙනුවෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා විසින් එම සුහඳ හමුව පවත්වා තිබිණ.
මංගල සමරවීර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් කළ විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ, තමන් කිසිඳු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් නොකළ බවයි.
ජනාධිපතිවරණ පරාජයෙන් හුදෙකලාවී සිටින පාක්ෂිකයින් අතහැර පලායාමට තමා කිසිවිටෙකත් සුදානම් නොමැති බව මංගල සමරවීර මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර තිබේ.
දෙසැම්බර් මස මැද භාගයේදී තමා දින කිහිපයකට විදේශගතවීමට නියමිතබවත් ඉන් අනතුරුව වහාම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා දිවයිනට පැමිණෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මංගල සමරවීර මන්ත්‍රීවරයා සිය හිතවතුන් සමග පසුගිය ඉරිදා රාත්‍රී නර්තනක ද එක්වෙමින් ඔවුන්ව දිරිගන්වනු ලැබිය.
විශ්‍රාම ගැනීම නිවේදනය කරයි :
තමන්ගේ පාර්ලිමේන්තු දේශපාලනයේ දශක තුනක් අළලා රචිත 'මංගල සමරවීර' කෘතිය පසුගිය ජුලි මස 07දා මාතර රුහුණ විශ්ව විද්‍යාලයේ රවින්ද්‍රනාත් තගොර් ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමේ උත්සවයේදී මංගල සමරවීර පැවසුයේ, ඉදිරි මහ මැතිවරණය තමා තරඟ කරන අවසාන මැතිවරණය බවත් මින් ඉදිරියට මැතිවරණ වලට ඉදිරිපත්වීමට බලාපොරොත්තු නොවන බවත්ය.
මංගල සමරවීර මන්ත්‍රීවරයා තම විශ්‍රාම ගැන්වීම සිය හිතවතුන් දහස් ගණනක් ඉදිරියේ පැවසුයේ මෙසේය.