පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩු තුනක් අද (10) දිනයේ විභාගය ගැනීමට නියමිතව ඇත.



ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම ප්‍රකාශයට පත් කරන ලෙසට අදාළ නඩු දෙකක් සහ මැතිවරණය පැවැත්විම කල් දමන ලෙස ගොනුකර ඇති නඩුවක් එලෙස අද දිනයේ විභාගයට ගැනෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසිය.



අධිකරණය ලබාදෙන තීන්දුව අනුව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසිය.



පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නිමල් ජී.පුංචිහේවා සඳහන් කළේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන් බවය.

මැතිවරණය පැවැත්විමට අදාළ මුදල, මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන්නේදැයි 'නෙත් නිවුස්'  කල විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙසේ සඳහන් කළේය.


මැතිවරණ කොමිසමෙන් QR කේතයක්

 
මෙවන් පසුබිමක 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට ද මැතිවරණ කොමිසම ඊයේ (09) පියවර ගෙන තිබිණ.

අදාළ QR කේතය හරහා මෙවර මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර ඇත.

ospiwks


මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය


මේ අතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (11) දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතව තිබේ.


පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයක් යටතට !


මාර්තු 19ට පෙර පළාත් පාලන ආයතන ස්ථාපිත නොකළ හොත් එම ආයතන කොමසාරිස් පාලනයකට යටත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මැතිවරණය කල් ගියහොත් එවැනි තත්වයක් ඇතිවිය හැකි බවයි.
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්