වත්මන් විපක්ෂය ළිඳ ළඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ යැයි පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.



රට ගොඩ නගන වැඩසටහන ගැන වචනයක් නොකියන විපක්ෂය කයිවාරු ගසමින් රට වටා ඇවිදින බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් නිමල් ලංසා මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේය.

ජනාධිපති ඉදිරිපත් කර තියෙන ප්‍රතිපත්ති වැඩසටහන වැරදි නම් හරි වැඩසටහන කුමක්දැයි කියන්නැයි විපක්ෂයට අභියෝග කරන බවද නිමල් ලන්සා කීය.

ආර්ථික අර්බුදයට දෙන විසඳුම ගැන,13 වැනි සංශෝධනය හෝ විදේශීය ප්‍රතිපත්ති ගැන කතා නොකළ යුතු බවත් ආණ්ඩුව විවේචනය කළාම ඇති බවත් විපක්ෂය තීන්දුවක් ගෙන තිබෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.





JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්