පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා අද (10) කියා සිටියේය.



ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවනු ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අවස්ථාවේ ඉහත නියෝගය නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ලක්මිණි වරුසෙවිතාන සමඟ සංජීව ජයවර්ධන පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.


සජබය පෙත්සම් ඉල්ලා අස් කර ගනියි


ඒ අනුව, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 2 ක ඔවුන් විසින්ම ඉල්ලා අස්කරගනු ලැබිණ.

එසේ ඉල්ලා අස්කර ගනු ලැබුවේ නියමිත අයුරින් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම අධිකරණයට ලබාදුන් පොරොන්දුව අනුව දැනටමත් කටයුතු සිදුවෙමින් පවතින බවට සෑහීමකට පත් වීමෙන් අනතුරුවය.

මෙම පෙත්සම් එස්.තුරේරාජා, ඒ.එච්.එම් නවාස් සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණ.

(lankadeepa.lk)
 
 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්