මාර්තු 9 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ සියලු කටයුතු බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්. එම්. කේ. විජයසුන්දර ගොනුකර තිබූ රීට් පෙත්සම යළි සලකා බැලීම පෙබරවාරි 23 දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (පෙබරවාරි 10) තීන්දු කරන ලදී.



එම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනු කළ තවත් පෙත්සමක් සහ ඡන්දය පවත්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු පෙත්සමක් ද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවන ලදී.

එහිදී මැතිවරණ කොමිසම සඳහන් කළේ සැලසුම් කළ පරිදි මැතිවරණය පවත්වන බවයි.

'' ඒ අනුව විශ්වාසයෙන් එම පැමිණිලිකරුවන් ඒ පැමිණිලි අවසන් කළා. අපි විශ්වාස කරනවා ඒ විශ්වාසය කඩවන දෙයක් වෙන්නේ නෑ කියලා. මැතිවරණය ප්‍රමාද කරන ලෙස ඉල්ලු නඩුකරය ඔවුන්ගේ ලේඛනවල අඩුපාඩුවක් තිබුණ නිසා නැවත ඒවා ඉදිරිපත් කරන්න පෙබරවාරි 23 දක්වා කල් දුන්නා.'' යනුවෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි BBC සිංහල සේවයට පැවසුවේය.


ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අනෙක් නියෝගය මෙන්න


පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පවත්වන බව මැතිවරණ කොමිසම අද යළි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දුන්නේය.

ඒ හේතුවෙන් පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට අවශ්‍ය නොවන බැවින් පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


(මුලාශ්‍රය -  BBC සිංහල සේවය)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්