ප්‍රවීන චිත්‍රකතා ශිල්පී කලාභූෂණ එස්. ඒ. දිසානායක අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන විට 88 වැනි වියේ පසුවිය.
60 දශකයේ මුල් භාගයේ නවයුගය සඟරාවෙන් චිත්‍රකතාකරණයට පිවිසි දිසානායක, වසර 50කට අධික කාලයක් දිවයිනේ විවිධ පුවත්පත් සහ සඟරා වලට චිත්‍රකතා නිර්මාණය කළේය.
ඔහු නිර්මාණය කළ චරිත අතරින් බූ, බබා, තුල්සි, බටකොල ආච්චි, යෝධයා, පඬිතුමා පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්විය.
මීට අමතරව ඔහු විවිධ ග්රන්ථ රාශියක් ද පළ කර ඇත. රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ දිසානායක ගුරුවරයෙක් ලෙස ද සේවය කලේය.
අභාවප්‍රාප්ත එස්. ඒ. දිසානායකගේ දේහය හෙට පස්වරුවේ දී ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයට භාර දීමට නියමිතය. එතෙක් දේහය හෙට උදාසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබන බව පවුලේ ඥාතීන් පවසයි.
එස්. ඒ. දිසානායක ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ජනමාධ්‍යකරුවෙකු වන චරිත දිසානායකගේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසරිස්වරියක වන නදී දිසානායකගේ ආදරණීය පියාණන් ය.