නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කළ පසුව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව

සඳහා නව සාමාජිකයන් පත් කර ඇති අතර එම කමිටුවේ සභාපති ධුරය දැරූ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එහි සාමාජිකයකු වශයෙන් හෝ මෙවර පත් කර නොතිබීම විශේෂත්වයකි.

ඒ අනුව එම කමිටුවට පත්කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කරන ලදී.

එම කමිටුව සඳහා පත්කරනු ලැබ සිටින්නේ විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, නීතිඥ මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ය.

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභාවාරය වාර අවසාන කිරීමත් සමග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අහෝසි විය.

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්