අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මුස්ලිම් ජාතික පාසල් දැරියන්ගේ නිල ඇදුමට අයත් හිස් වැසුම (ෆර්දාව) ගැලවීම රජය අපහසුතාවට පත්කිරිමේ යම් කුමන්ත්‍රණකාරි වැඩපිලිවෙලක් වියහැකි බවත්, ඊයේ (04) දිනය තුලත් අනුරාධපුර සහිරා මුස්ලිම් පාසලේ විභාගයට මුහුණදුන් දැරියන්ට ෆර්දාව ගලවා රෙදි කැබල්ලක් (ෂෝල්) පැළඳගන්නා ලෙස උපදෙස්දී තිබු බව මව්පියන් පිරිසක් අනාවරණය කලහ.

මෙවැනි සිදුවිමක් සිදුවී නැති බවට අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය මගින් ප්‍රකාශයක් සිදුකලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන තුනක එම සිද්ධිය සිදුව ඇති බව දෙමාපියන් වෙනුවෙන් අදහස් දැක්වු මොහොමඩ් දිල්ෂාන් පැවසුවේය. 

මෙම තත්වය නිසා සිය දරුවන්ගේ මානසික තත්වය බිදිගොස් ඔවුන් අස්වසාලීම සදහා විභාගය අවසන්වනතුරු පාසල ඉදිරිපිට රැදිසිටිමට සිදුව ඇති බව ඔහු කීවේය.

ඒ පිළිබදව අදහස් දැක්වු මොහොමඩ් දිල්ෂාන්  මෙසේ පැවසිය. 

''මේ සිද්ධිය පිළිබදව දෙමාපියන් විභාග අධ්‍යක්ෂ ප්‍රියංකරට දැන්වුවාම පෙරේදා (03දා) ඔහු විද්‍යාලයට ඇවිල්ලා ප්‍රශ්නය සමතයකට පත්කරා කිවුවා. නමුත් ඒ සිද්ධිය (04) දිනයෙන් අපි පාසල ඉදිරිපිට ඉද්දිම සිදුවෙලා තියනවා. දරුවෝ හැමදාම උදේට කියනවා අදත් ෆර්දාව ගලවයිද දන්නෑ කියලා.

නැති ප්‍රශ්නයක් ඇතිකරලා තියෙන්නේ. විද්‍යාලයේ එක විභාග ශාලාවක මේවැඩේ කරද්දි අනිත් ශාලාවල්වල එහෙම ගැටළුවක් වෙලා නෑ. විභාග ලියලිය ඉද්දි ඇවිල්ලා කන් අතුගාලා පරික්ෂා කරනවා කියලා දරුවන් කිවුවා. දරුවෝ කොහොමද මනස හොදට තියාගෙන විභාගයට මුහුණ දෙන්නේ. ඇමතිතුමා කියන විදියට ප්‍රශ්නයක් නැත්නම් ඇයි විභාග අධ්‍යක්ෂවරයෙකු පාසලතුලට ඇවිල්ලා ගැටළුව අවසන් කියලා ප්‍රකාශ කරේ.

මුස්ලිම් ගැහැණු දරුවන්ගේ පාසල් නිල ඇදුමට ෆර්දාව නොගැලපෙනවා නම් වහාම පාසල් නිල ඇදුමෙන් එම කොටස අයින්කරලා වෙනම නිල ඇදුමක් දරුවන්ට දෙන්න කියලා ඉල්ලිමක් කරනවා. ඉස්ලාම් ආගම අදහන දැරියෝ කුඩාකල සිටම පාසල් නිල ඇදුමට ෆර්දාව පලදනවා. ඒක එක පාරටම ගලවද්දි දරුවෝ අසරණ තත්වයකට පත්වෙනවා. දරුවන්ට විශේෂවු විභාගයක් පැවත්වෙද්දි මොන ජාතියකට ආගමකට අයිතිවන දරුවෙකුටවත් හිරහැර කරන්න එපා කියලා මා ඉල්ලා සිටිනවා'' 

''කිසියම් පිරිසක් අනවශ්‍ය ගැටළුවක් ඇතිකරන බවක් හැගි යනවා''

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මෙසේ පැවසිය.

''කිසියම් පිරිසක් අනවශ්‍ය ගැටළුවක් ඇතිකරන බවක් හැගි යනවා. ඇමතිවරයා කියනවා පළාත් අධ්‍යක්ෂවරයා එවැනි දෙයක් සිදුවෙලා නෑ කියලා කියනවා කියලා. එහෙනම් ඒ තොරතුරු දෙන අධ්‍යක්ෂවරයා ඇමතිවරයට කියලා තියෙන්නේ ඇග බේරා ගන්න පට්ටපල් බොරුවක්. 

දෙමාපියන් දරුවන් ඒ සිදුවිම කියනවා. විභාගය පටත් ගත්ත දිනයේ ඉදන්ම අනුරාධපුර කැකිරාව මඩාටුගම හා හොරොව්පොතානේ මෙම සිද්ධිය සිදුවෙලා තියනවා''

(aithiya.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්