දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් ජාතින් අතර සංහිඳියාවක් ඇතිකරලීම සඳහා

ගෙනගිය අරගලය තවදුරටත් ඉදිරියට ගෙනයා යුතු බව 'PlanB සාමුහිකය' අවධාරණය කර සිටියි.

ආර්ථික යුද්ධය ජය ගැනීමටත්, ඉන් පසු සංවර්ධිත ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීමටත් ජාතීන් අතර සමගිය හා එකමුතුකම වැදගත් කම මංගල සමරවීරයන් විසින් අවධාරණය කරනු ලැබු දේශපාලනික කාරණයකි.

13 වන ව්‍යවස්ථා සංශෝධයන බලාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පසුගියදා අවධාරණය කරනු ලැබූ අතර 'PlanB සාමුහිකය' පවසන්නේ එය කාලින අවශ්‍යතාවයක් බවයි.

PlanB සාමුහිකය වෙනුවෙන් එහි සම නිර්මාතෘ මහීල් බණ්ඩාර අද (12) දින අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදා හරිමින් එබව සඳහන් කර තිබේ.

PlanB සාමුහිකය 13 බලාත්මක කිරීමට පක්ෂපාති වන්නේ, වත්මන් ජනාධිපතිවරයාට කඩේ යාමේ අරමුණින් නොව, රටේ සාමය ඇති කොට සියලු ජාතීන්ට සම අයිතිවාසිකම් දිනා දීමට මංගල කළ අරගලය තව දුරටත් ඉදිරියට ගෙන යාමේ අරමුනුන් බව මහීල් බණ්ඩාර අවධාරණය කර සිටියි.


'Plan-B සාමුහිකය' යනු මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ රැඩිකල් ලිබරල් අදහස් සමාජගත කිරීම සඳහා ඔහු සමග සමීපව කටයුතුකළ තරුණ තරුණියන් පිරිසක් විසින් ආරම්භ කරනු ලැබූ සංවිධානයකි.



වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයට දින ප්‍රකාශ කිරීමටත් පෙර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව කියා සිටියදී, කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ පාර්ශවයක් එයට විරුද්ධව අදහස් දැක්වීමක් සිදුනොකොට, මැතිවරණයට දින නියම වූ පසු ඊට විරුද්ධ වීමත්, ඇතැම් පක්ෂ එය මග හැරීමත් තුලින් එම පුද්ගලයින්ගේ දේශපාලන අවස්ථාවාදය ප්‍රදර්ශනය කර ඇතිබව මහීල් බණ්ඩාර සිය වීඩියෝවේ සඳහන්කර ඇත.

එමෙන්ම ඇතැම් අවස්ථාවාදී දේශපාලන පක්ෂ, 13 වෙනුවට ව්‍යාජ පිළිතුරක් තමන් සතු බව කියමින් ජනතාව මුලා කරමින් සිටින බවත් මහීල් බණ්ඩාර පවසයි.

උතුරේ දමිළ ජනතාවට ශ්‍රී ලංකාව තමන්ගේ රට කියා හැගීමෙන් සිතන්නට තවමත් නොහැකි වී ඇති බවත්, එබැවින් ඔවුන්ගේ අනන්‍යතාවයන්ට හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීමට රජයට උදා වී ඇති හොදම අවස්ථාව මෙය බවත් පවසන මහීල් බණ්ඩාර, ඒ සඳහා අවම වශයෙන් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කල යුතු බව කියා සිටියි.

ගෝල්ෆේස් අරගලය උතුරට ඉතාම අල්ප වශයෙන් දැනුණු බවත් මින්පසු දමිළ ජනතාවද රට ගොඩනැගීමේ අරගලයට සම්බන්ධ කරගැනීමට හොදම අවස්ථාව මේ මොහොතේ 13 ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දීම බවත් මහීල් තම වීඩියෝ පටයෙන් කියා සිටි.

මහීල් කියන ආකාරයට සාමය තහවුරු කර විශ්වීය ලාංකිකයෙක් නිර්මාණය කිරීමට 13 ආන්ස්වර් කරන්නම ඕනි කෝල් එකකි.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්