භාණ්ඩාගාරය විසින් රජයේ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් රජයේ සියලු ආයතන

ප්‍රධානීන්ට ලබාදී ඇති නියෝගයක් හේතුවෙන්, මැතිවරණ කොමිසමට සිය රාජකාරි කටයුතු සඳහා වාහන යොදා ගැනීම ගැටළුකාරී වී ඇතැයි වාර්තාවේ.

රාජ්‍ය ආයතන වල වාහන සංචිත භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන්නැයි භාණ්ඩාගාරය විසින් උපදෙස් නිකුත් කර ඇත.

සම්මන්ත්‍රණ සාකච්ඡා රැස්වීම් ආදිය හැකිතාක් මාර්ගගත ක්‍රමවේද භාවිත කරමින් පැවැත්විය යුතු බවද එමගින් ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමට කටයුතු කළ යුතු බවද දැනුම් දී ඇත.

කලාප ප්‍රාදේශීය උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යාංශ විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙස ද නියම කර තිබේ.

මීට පෙර ද මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින්, අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් මුදල් නිකුත් කරන බව සඳහන් කර තිබිණ. එහි අත්‍යවශ්‍ය කටයුතු ලෙස මැතිවරණ කටයුතු නම් කර නොතිබිණ.

නව චක්‍රලේඛය මගින් ද වාහන භාවිතය සීමා කිරීම මත මැතිවරණය සඳහා ප්‍රවාහන කටයුතු සලසා ගැනීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇත.


සබැඳි පුවත් :

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවමත් ඇරඹී නෑ !

ඡන්දයේ ආරක්ෂාවට කෝටි 280ක් ඉල්ලයි !- ලැබුණේ කෝටි 5යි ලු !

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්