පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට විපක්ෂය විසින් ද ප්‍රතිපත්තිමය විසඳුමක් ඉදිරිපත් කර නැති බව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ මුලස්ථාන කාර්‍යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එබව කියා සිටියේය.

අර්බුදයට විසදුම් ඉදිරිපත් නොකර ජයග්‍රහණය කළ පසුව කරන බවට වන පොරොන්දු ඉතිහාසය පුරා කඩකළ තත්වය ‍යටතේ ජනතාව හිස් චෙක් අත්සන් කර දීමට සූදානම් නැති බවද ඔහු පවසයි.

පලාත්පාලන මැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය 'කුළුගෙඩිය' ලකුණෙන් ඉදිරිපත් වීම සහ අලුත් මාවත ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට පදනම් ආයතනයේදී එලිදැක්වීම සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවේදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙහිදී අදහස් දැක්විය.

දේශපාලන පක්ෂ වලට සිය ප්‍රතිපත්ති හා අර්බුදයට පිළිතුරු හෙලිදරව් කිරීම සඳහා බල කළ හැක්කේත් කවුරු බලයට පත් වුවත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැක්කේත් මහජන ව්‍යාපාරයක් හරහා පමණක් බව ඔහු පවසයි.



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැතිවරණ ක්‍රියාවලිය එම මහජන ව්‍යාපාරය ගොඩ නැගීමේ කටයුත්තත් මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය ප්‍රතිපත්තිමය සංවාදයකට හැරවීමේ කටයුත්තත් ඉලක්ක කරන බවද එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ විය.




'අලුත් මාවත' එලිදැක්වීම 13 උදේ දහයට පදනම් ආයතනයේදී

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්ති අඩංගු කෘතියක් අලුත් මාවත නමින් හෙට (13) උදේ දහයට කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී එලිදැක්වීමට නියමිතය.

අර්බුදයට විසඳුම ගැන සිය ප්‍රතිපත්ති හෙලිදරව් කරන ලෙස අනෙක් පක්ෂ වලට බලකරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙවර පලාත්පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ ගන්නා අතර එම ජනතා විරෝධී තැත පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගත හැක්කේ මහජන ව්‍යාපාරයක පුළුල් ක්‍රියාකාරීත්වය හරහා පමණක් බව ද ඔහු එහිදී අවධාරණය කළේය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්