විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරන බවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහතික වේ.



ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඇතිවන කාර්යපටිපාටියේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට, එරට සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ගෙන් ඉල්ලා තිබේ.

 ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බවට ඇමැතිවරයා එහිදී පොරොන්දු වී ඇත.

ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරත ව සිටින අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේ දී මෙම කාරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා තිබේ.

ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ගත යුතු අනුමැතීන් ලබාගැනීමට විශාල දුරක් ගෙවා තානාපති කාර්යාලයට පුද්ගලිකව පැමිණිමට සිදුවන බවත්, එයට විශාල කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත්, ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීහු ඇමැතිවරයාට පෙන්වා දී ඇත. මේ අතරම තානාපති කාර්යාලයේ පවතින නිලධාරී හිඟය නිසා ද අනුමැතීන් ලබාගැනීමේ කටයුතුවලට අමතර කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත් ඔවුහු සඳහන් කර තිබේ.



මේ අතර ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ දී දුරස්ථ ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පමණක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහි දී එකඟතාවයකට පැමිණ ඇත.



සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තා ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා ඇතිවී තිබෙන ගැටලු සහ ඕමානයේ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතන නියෝජිතයන් මුහුණදී තිබෙන ගැටලු සඳහා දිය හැකි විසඳුම් පිළිබඳ ව ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

{gallery}Manusha Nanayakkara{/gallery}

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්