පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යොමු කළ ලිපිය

කථානායකවරයා විසින් පිළිගෙන තිබේ.

ලබන ජනවාරි 03 වනදා පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භ කර ජනාධිපතිවරයාගේ රාජාසන කථාව ඉදිරිපත් කිරීමෙන් පසු, පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව නැවත රැස්වීමේදී විපක්ෂ නායක ධුරය පිළිබඳ නිල නිවේදනය ප්‍රකාශ කෙරෙනු ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවට විපක්ෂ නායක ධුරය පිළිබඳ නිල නිවේදනය සිදු කිරීමෙන් පසු එම ධුරය බලාත්මක වනු ඇත.

මේ සම්බන්ධයෙන් කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්.

Karu Letter

පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟත්වයෙන් ....

  
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීමට එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීන්දු කරනු ලැබුවේ, අද (දෙසැ: 05) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.

අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණය කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දී තිබිණ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කතානායකවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක පදවියට

 

අගමැති අපේක්ෂකයා සජිත් !

මේ අතර පක්ෂ නායකත්වය ගැන ඉදිරියේ දී තීරණය කරන බවද වාර්තා වෙයි. සාකච්ඡා අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසා සිටියේ, සතියක් තුළ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි.

ඒ අනුව මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස එජාපයේ අගමැති අපේක්‍ෂකයා ලෙස තරග වැදීමට නියමිතය.

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි සජිත් ප්‍රේමදාසඑජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා

සජිත් ප්‍රේමදාස

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්