බොරැල්ල පොලිස් වසමේ, බේස්ලයින් මාවත, හල්ගහකුඹුර ප්‍රදේශයේදී ඊයේ (පෙබ.13) රාත්‍රී සිදු වූ වෙඩි වැදීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත් වී තිබේ.



මරණකාරිය වයස අවුරුදු 25ක හල්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද්ධ හමුදා මූලස්ථානයට අනුයුක්ත බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රාජකාරි ගිනි අවි දෙක ද පොලිස් බාරයට ගෙන ඇත.

මත්කුඩුවලට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ හිස ප්‍රදේශයට යුද හමුදා බුද්ධි අංශ සාමාජික සැකකරුවකු ගිනි අවියකින් පහර දීමත් සමගම එය ක්‍රියාත්මක වී, ඒ අසන්නේ සිටි කාන්තාවකගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

(මුලාශ්‍රය -lankadeepa.lk)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්