හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන භාවිත කරන සුවිසල් නිල නිවසද ඔහුට අහිමි වන තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බව

ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවි කිහිපයක් විසින් අද වාර්තාකර තිබේ.  මෙම වාර්තා හරහා ජනමතයක් ගොඩනගමින් එම නිවාස අත්පත්කර ගැනීමට ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරමින් සිටින බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු theleader.lk වෙත පැවසිය.

ආණ්ඩුවට පක්ෂපාති ankaleadnews.com හා emanisa.lk යන වෙබ් අඩවි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවාස සම්බන්ධ කාරණය තවදුරටත් වාර්තා කර තිබුනේ මෙසේය.

''කොළඹ 07, පැජට් පාරේ පිහිටි මෙම නිල නිවස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනාධිපතිවරයකුගේ භාවිතය සඳහාම රජයේ නිල නිවාස ඒකක තුනක් එකට එකතු කර සකස් කළ සුවිසල් මන්දිරයකි.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ද නිලනිවසක හිමිකම පවතින බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයෙහි අවසන් මාසයේදී මෙම මන්දිරයම විශ්‍රාම ගිය පසුවත් තමන්ගේ භාවිතය සඳහා ලබාගැනීමට කැබිනට් අනුමැතියක් ද ලබාගත්තේය.

එහෙත් මේ වනවිට වාර්තා වන්නේ එම කැබිනට් අනුමැතිය නිසි ක්‍රමවේදයට අනුව ලබාගත්තක් නොවන බැවින් එහි වලංගුභාවය පිළිබඳ ගැටළුවක් මතුව ඇති බවය.

එසේම විශ්‍රාමික ජනාධිපතිවරයකුට සුදුසු පහසුකම් සහිත වෙනත් තනි නිලනිවාස ඒකකයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී මෙම නිවස වෙනත් ප්‍රයෝජනවත්, සුදුසු කටයුත්තක් සඳහා යෙදවීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.''

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්