ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු ආකාරය පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' නමින් හඳුන්වන සන්ධානයේ සාමාජිකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නායකයින් අතර බරපතල ගැටුමක් ඇතිව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නාමයෙන් හා පොහොට්ටුව ලකුණින් එම සන්ධානය මහ මැතිවරණයට ඉදිරිපත්විය යුතු බව පොදුජන පෙරමුණේ සාමාජිකයින් ප්‍රකාශ කරමින් සිටීමත්, එයට අනෙකුත් පක්ෂවල සාමාජිකයින් එකඟ නොවීමත් මෙම මත ගැටුමට හේතුවී ඇත.

මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ යුත්තේ පොහොට්ටු ලකුණින් බව බැසිල්වාදියකු වන ඇමැති ප්‍රසන්න රණතුංග පැවසුවද විමල් විරවංශ හා උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයින් පවසන්නේ, ජනාධිපතිවරණ සමයේ ඇතිකර ගත් එකඟතාවයන් මත 'වෙනත් ලකුණින් ඉදිරිපත්විය යුතු බවයි.

විමල් හා ගම්මන්පිලගේ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ, පොහොට්ටුවට තිබූ ජනතා පදනම හේතුවෙන් අනෙක් දේශපාලන පක්ෂවලට ද පොදුජන පෙරමුණ සමග එක්වීමට හැකි වූ බවයි.

කෙසේ වුවත් ආණ්ඩුවේ ප්‍රබලයන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රසිද්ධියේ කියා සිටින්නේ, මීළඟ මැතිවරණය තරග කල යුත්තේ එකඟ වූ පරිදි වෙනත් ලකුණකින් බවයි.

 

ශ්‍රීලනිපය සමග අත්සන් කල ගිවිසුම !

අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් පවසන්නේ ද මහ මැතිවරණය තරග කල යුත්තේ එකඟ වූ පරිදි වෙනත් පොදු ලකුණකින් බවයි.

ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටුවෙන්' ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂට සහයදීමට එකඟ වුයේ මහ මැතිවරණයේදී ශ්‍රීලනිප- පොහොට්ටු සන්ධානය 'පොහොට්ටුව' සලකුණ වෙනුවට 'පුටුව' ලකුණින් ඉදිරිපත්වීමට එකඟ බවට 'පොහොට්ටු' පක්ෂ නායකයින් දුන් සහතිකය මතය.

බැසිල් රාජපක්ෂ සමග එළඹී එකඟතාවයන්ට අනුව මහ මැතිවරණය සඳහා පක්ෂ දෙකම පුටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ජනාධිපතිවරණ සමයේදී දී ප්‍රකාශකර තිබිණ.

සබැඳි පුවත් :

බැසිල්ට එරෙහි සටනට ගම්මන්පිලත් එක්වේ!

විමල් ගෙන් බැසිල්වාදීන්ට ප්‍රතිචාරයක්: ''මහ මැතිවරණයට පොදු ලකුණකින්, එකඟතාවය එයයි''  

බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් ! - මුල්ම නොරිස්සුම වාසුගෙන්!!

බොරු වලවල් කැපීම: ශ්‍රීලනිපයට පහරදී ගෝඨාභය හුදෙකලා කිරීමේ සුදානමක් !

පුටුවට පයින් ගසයි: මහ මැතිවරණයත් පොහොට්ටුවෙන්! -ශ්‍රීලනිපය අනාතයි!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්