හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද මධ්‍යම රාත්‍රියේ දිවයිනෙන් පිටත් වීමට නියමිත බව

ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිදුරටත් ජනාධිපති කාර්යමණ්ඩල ආරංචිමාර්ග පවසන්නේ, හිටපු ජනාධිපතිවරයා දින 10ක සිය පෞද්ගලික සංචාරයක් සඳහා මියන්මාරය බලා දිවයිනෙන් පිටත් වීමට නියමිත බවයි. ඒ මියන්මාර්හි සමාජ ක්‍රියාකාරී සංවිධාන කිහිපයක ආරාධනාවක් අනුව සිදුකරන්නක් බවද මෙම සංචාරය සඳහා හිටපු ජනාධිපති බිරිඳ වන අයෝමා රාජපක්ෂ ද පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ද එක්වීමට නියමිත බවද සඳහන් වේ. 

මියන්මාර්හි ශ්‍රී ලංකා තනාපති නීතිඥ ජේ.එම්. ජනක ප්‍රියන්ත බණ්ඩාර හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරගේ සහෝදරයාය.

 

 

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්