පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි මුද්‍රණ කටයුතු අවසන් කිරීමට දින 20-25 අතර කාලයක් ගත වන බවත් අවශ්‍ය මුදල් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවත් රජයේ

මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ 'මව්බිම' පුවත්පතට පවසා ඇත.

ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් මුද්‍රණ කටයුතු සිදු කිරීමට, මැතිවරණ කොමිෂන් සභාව විසින්, මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති ණයට මිල දී ගැනීම් අත්හිටුවීමේ චක්‍රලේඛයෙන් රජයේ මුද්‍රණාලය නිදහස් කරවීමට කටයුතු කළ යුතුව ඇතැයි ඇය අවධාරණය කර සිටියි.

එසේ නොමැති නම් අවශ්‍ය මුදල් අප්‍රමාදව ලබා දී, ප්‍රමාණවත් තරම් ආරක්ෂාව ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව වහා ම කටයුතු කළ යුතුව ඇතැයි ද ඇය පවසයි.

තමා දෙපැත්තකින් සිර වී සිටින බව පෙන්වා දෙන මුද්‍රණාලයාධිපතිනිය, සිදු වී ඇති ප්‍රමාද දෝෂයන්ට තමාට වගකිව නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් වගකීම් නිසි වේලාවට ඉටු කළා නම් මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවන බව ද සඳහන් කරයි.

දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා පොලිස් ආරක්ෂාව මැද නැවත පරීක්ෂා නොකර නිකුත් නොකරන ලෙස මුද්‍රණාලයේ කාර්ය මණ්ඩලය තමාට දැඩි ලෙස පවසන බව ද මුද්‍රණාලයාධිපතිනිය පවසන්නීය.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව ඡන්දය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශය වෙත ඊයේත් ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ ය.

 



මුදල් නොමැතිනම් ජන්දය පවත්වන්න හැකි ක්‍රමයක් !



පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති නම් ජාත්‍යන්තරයෙන් ඊට අවශ්‍ය මුදල් සපයාගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන පවසන්නීය.  'නෙත් නිවුස්' කළ විමසීමකදී ඇය පෙන්වා දුන්නේ විදේශ ප්‍රතිපත්ති, විදේශ සේවය, රාජ්‍ය දූතකරණය යන අංශ හරහා එම මුදල් ලබාගත හැකි බවයි.



පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බවට ප්‍රකාශ කරනු ලබන්නේ ආණ්ඩුවේ වුවමනාවක් මත බව ඇය මෙහිදී පැවසුවාය.



මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළේය. ඒ, තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ මුදල් නොලැබීම හේතුවෙනි.

මුදල් ලබානොදෙන්නේ නම් ඊට අදාළ මුද්‍රණ කටයුතු සිදුකිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය මීට පෙර දැනුම්දී තිබිණ.  තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඊයේ දිනයේ සිදුකිරීමට මීට පෙර සැලසුම් කර තිබිණ.

 මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ මේ මස 22, 23 සහ 24 යන දිනවලදීය.

මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සිය කොමිසම හමුවට කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ මාධ්‍යවෙත පැවසිය.  ඒ, පළාත් පාලන මැතිවරණය සඳහා සිය කොමිෂන් සභාව ඉල්ලා ඇති මුල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබානොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්