මැතිවරණ කොමිෂන් සභාවත් එහි සභාපති පුංචිහේවා ත් රටට විහිළුවක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.



ඔහු එබව කියා සිටියේ, රාජගිරිය සිය පක්ෂ කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමිනි.

'' නිදහස් හා සාධාරණ මැතිවරණය කියන්නේ ජනතාවගේ පරම අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක් ලෝකයේ ශිෂ්ඨ සම්පන්න හැම රටක්ම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණවලට ගරු කරනවා. නමුත් මේ වෙද්දී ලංකාවේ ආණ්ඩුව එකී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රටේ පුරවැසියන්ගෙන් උදුරාගනිමින් ඉන්නවා. අපි මේ අභියෝගයට සාර්ථක මුහුණ දෙන්න ඕනේ.'' යි ජනාධිපති නීතිඥ ගුණරත්න මෙහිදී පැවසීය.

 

''යම් විදියකින් ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණය නොතිබ්බොත් ආයේ මැතිවරණ බලාපොරොත්තු වෙන්න එපා. ආණ්ඩුව මේ යන්න හදන්නේ ඒකාධිපති පාලනයකට. හිට්ලර් හිතුවෙත් හිට්ලර් කරන දේ හරි කියල. ලෝකේ බිහි වෙච්චි හැම එකාධිපතියම හිතන්නේ තමන් නිවැරදි කියල. මේ ආණ්ඩුව මුට්ටිය දාල බලනවා කවුරු හරි මුට්ටියට ගහනවද කියල නොගැව්වොත් ආණ්ඩුව ඔවුන්ගේ දෙවැනි අදියරට යනවා ඊට පස්සේ කාටවත් මේ ගමන නවත්වන්න බැහැ''

 

'' දියුණු සමාජයක් තියෙන රටක් විදියට මේ තත්වය අපි ගැඹුරින් තේරුම් ගන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය පවත්වන්න ඇත්ත වුවමනාවක් නැහැ පුංචිහේවා මහත්මයා වේලාවෙන් වෙලාව විවිධ අදහස් ප්‍රකාශ කරනවා අපිට පෙන්නේ මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහුට පැවරෙන බලය කුමක්ද කියන දේවත් එතුමාට අවබෝධයක් නැහැ. රාජ්‍ය නිලධාරින් මෙහෙයවීම පිලිබදව අවබෝධයක් එතුමට නැහැ. එතුමාගේ පුද්ගලික දේශපාලන ස්ථාවරය කුමක් වුනත් එතුමා දැන් රටේ ස්වාධින මැතිවරණ කොමිෂන් සභාපති ලෙස වැඩ කරන්න ඕනේ කියලයි අපි කියන්නේ''


ලිලිපුට්ටෝ එවලා හැංගෙනවා...


තවදුරටත් අදහස් දැක්වූ මෛත්‍රී ගුණරත්න මෙහිදී ඇතැම් දේශපාලන පක්ෂ වෙතද චෝදනා කළේය.

''සමහර දේශපාලන පක්ෂ නායකයන් එළියේ මැතිවරණය සම්බන්දයෙන් ලස්සන කතා කියනවා, නමුත් මැතිවරණය සම්බන්දයෙන් සාකච්ඡා කරන්න එන්න කිව්වාම ලිලිපුට්ටෝ එවනවා එවලා හැංගෙනවා ,ඒ එන අයත් රැස්වීමේ වචනයක්වත් කතා කරන්නේ නැහැ. එලියට ඇවිත් මාධ්‍යට වීරයෝ වෙන්න කතා කරනවා.ඒ අය උගුරට හොරා බෙහෙත් බොන්න හදනවා මේ විරෝධය මහ පොලවට ගෙන්න ඕනේ අපි මේ මැතිවරණය දිනාගන්න ඕනෙම කෙනෙක් එක්ක එකතුවෙලා පොදු සටනක් කරන්න සුදානම් කියන පණිවුඩයත් මේ වෙලාවේ දෙන්න ඕනේ රටේ මැතිවරණ සිතියම හකුලලා ආණ්ඩුව මේ යන ඒකාධිපති ගමන අපි අනිවාර්යෙන්ම ආපසු හැරවිය යුතුයි.''


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image