එක්දින සේවා යටතේ විදෙස් ගමන්  බලපත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 05 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සහයක සේවිකාවක් සහ තැරැව්කරුවන් 04 දෙනෙක්වය.

ඔවුන් විසින් එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා එලෙස රුපියල් 42,000ක අල්ලසක් ලබාගෙන තිබේ.

එලෙස ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා රුපියල් 22,000ක මුදලක් වැය වෙන අතර අනෙක් රුපියල් 20,000ක් සැකකරුවන් විසින් බෙදාගෙන තිබේ.

 

විදෙස් ගමන් බලපත් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයින් හා තැරැව්කරුවන් අයතා ලෙස මුදල් ලබා ගන්නා බවට ලැබී තිබු පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දැනුම්දී තිබී ඇත.

 

තවදුරටත් මෙවැනි වංචා දුෂණ සිදුවන්නේ නම්, අල්ලස් හෝ දුෂණ කොමිසම සහ පොලිසිය ලවා එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව ද අමාත්‍යවරයා පුර්ව දැනුම්දීමක් සිදු කර තිබු බව වාර්තාවේ.

එසේම, බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලය අවට විවිධ අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් අතිරේක පොලිස් ආරක්ෂාවක් ලබාදීමටද කටයුතු කර තිබිණ.

 

 


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image