පුද්ගලයන් මත විශ්වාසය තබා කටයුතු කිරීම පලදායක නොවන බවත්,

ක්‍රමයේ වෙනස්කම් කිරීම අනිවාර්ය වී ඇති බවත් පවසන ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා,  ඒකාබද්ධ ආදායම් එකතු කිරීමේ අධිකාරියක් පිහිටුවීමේ කාලින අවශ්‍යතාවය අවධාරණය කර සිටියි.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එබව කියා සිටියේ, සමගි ජන බලවේගය රට ගොඩනැගීමේ ආර්ථික ඉදිරි දැක්ම එළි දක්වන අවස්ථාවට එක්වෙමිනි.

ජාතික විද්වත් සභාව විසින් සංවිධානය කරනු ලැබූ සමගි ජන බලවේගය “THE BLUE PRINT”  ආර්ථික සමුළුව පෙරේදා (පෙබරවාරි 14 )  දිනයේදී කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වින.

මෙම සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන ආර්ථික විශේෂඥයින් සහ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

xdfe

සමුළුව අමතමින් ඉරාන් මෙසේද සඳහන් කළේය.

''ව්‍යාපාරිකයන් බදු ගෙවනවා. ශ්‍රී ලංකාවේ ආදායමෙන් සියයට 75ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආයතන තුනකින්ය. මුදල් අමාත්‍යාංශයේ  බලයේ සිටියදී පවා රුපියලක් හෝ ඩොලරයක් හෝ සොරකම් කළා යැයි ඔබ කිසිවෙක් මංගල සමරවීර මහතාට හෝ මට චෝදනා කරනු ඇතැයි මම විශ්වාස කාන්නේ නැත. නමුත් ඒ දෙපාර්තමේන්තුවල දූෂණ මට්ටම අඩු වුණේ නැහැ. ඒ නිසා අපිට පුද්ගලයන් මත විශ්වාසය තියන්න බැහැ, ක්‍රමයේ වෙනස්කම් කරන්න වෙනවා. ඒ නිසා තමයි අපි ඒකාබද්ධ ආදායම් එකතු කිරීමේ අධිකාරියක් ඇතිකරන්න යන්නේ.

''ව්‍යාපාරිකයෙක් විදියට බඩු ගෙන්වනකොට බැංකුවට ගිහින් LC එකක් ඇරලා භාණ්ඩ නිෂ්කාශනය කරගන්නට රේගුවට යනවා. කතාවේ ඉතුරු ටික කියන්න ඕන නෑ. රේගුව නිෂ්කාශන මධ්‍යස්ථානය බවට පත්වෙනවා පමණයි. සුරාබදු සහ දේශීය ආදායම් ඒ හා සමානයි, ඒවාට තාක්ෂණය භාවිත කළ හැකිය, මේවා අලුත් අදහස් නොවේ, වෙනත් රටවල් මේවා කර තියෙනවා. තක්සේරු කිරීම එක් ස්ථානයකදී සිදු කර ගෙවීම් සිදු කරනු ලබන්නේ මධ්‍යගත ක්‍රමය  මගිනි. එවිට නිලධාරීන් සමඟ අන්තර්ක්‍රියාව අවම වේ. ගෙවීම් මධ්‍යගතව සිදු කිරීමෙන් පසුව රේගුවෙන් භාණ්ඩ නිෂ්කාශනය කළ හැකි උපදෙස් රේගුවට නිකුත් කරනවා/'' 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්