අවැසි විටෙක භාවිතා කළහැකි, හෝමෝනමය නොවන පිරිමි උපත්පාලන පෙති නිපදවීම යථාර්ථයක් බවට පත්කළ හැකියැ යි,

ශුක්‍රාණුවල පිහිනීම නවත්වන, සෛල හා බැඳි උපක්‍රමයක් හෝ 'ස්විචයක්' සොයාගෙන ඇති විද්‍යාඥයන් පිරිසක් පවසයි.


මීයන් යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණවලින් ඇඟවෙන්නේ, එමඟින් ශුක්‍රාණු ඩිම්බය වෙත ළඟාවීම නැවැත්වීමට ප්‍රමාණවත් කාලයක් (අවම වශයෙන් පැය කිහිපයක්වත්) ශුක්‍රාණුව අක්‍රීයව තබා ගන්නා බව යි.

විද්‍යාඥයන් පවසන්නේ මෙය මිනිසුන් යොදාගෙන පරීක්ෂා කිරීමට පෙර හාවුන් යොදා පරීක්ෂා කිරීම වැනි තවත් බොහෝ පරීක්ෂණ සැලසුම්කර ඇති බව යි.

මෙම නව උපත්පාලන ක්‍රමය පිටුපස ඇති අදහස නම්, එය ලබාගන්නා තැනැත්තන් ලිංගික එක්වීමට පැයකට පෙර පෙත්තක් බී, එහි ක්‍රියාකාරීත්වය හීනවන කාලය ගැන සැලකිල්ලෙන් පසුවිය යුතු වීම යි.

Sperms

එය ක්‍රියාකරන්නේ කෙසේ ද?

කාන්තා උපත්පාලන පෙතිවල මෙන් කිසිදු හෝමෝනමය සම්බන්ධයක් එයට නැත.

එය ටෙස්ටොස්ටෙරෝන් ඉවත් නොකරන අතර, පිරිමි හෝමෝන ඌණතාවයේ අතුරු ආබාධ ඇති නොකරයි. විද්‍යාඥයින් පවසන්නේ එය ඔවුන් ගවේශනය එක් වාසියක් බව යි.

ඒ වෙනුවට, ඔවුන් ඉලක්ක කරන "ශුක්‍රාණු-පිහිනුම්" ස්විචය වන්නේ 'ද්‍රාව්‍ය ඇඩිනිලිල් සයික්ලේස්' (soluble adenylyl cyclase) නැතිනම් sAC ලෙස හැඳින්වෙන සෛලීය සංඥා ප්‍රෝටීනයකි. මේ පර්යේෂණාත්මක පිරිමි උපත්පාලන පෙති sAC වැලැක්වීම හෝ අවහිර කිරීම සිදුකරයි.

එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන විසින් අරමුදල් සපයන ලද, Nature Communications සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මීයන් යොදාගෙන සිදු කෙරුණු මුල් අධ්‍යයනයේ දී, TDI-11861 නම් ඖෂධයේ එක් මාත්‍රාවක් සංසර්ගයට පෙර, අතරතුර සහ පසුව ශුක්‍රාණු නිශ්චල කළ බවට හෙළිවිය.

එහි බලපෑම පැය තුනක් පමණ පැවතුණි. පැය 24ක් ගතවන විට එහි බලපෑම සම්පූර්ණයෙන්ම ගෙවීගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණි.

අධ්‍යයනයේ එක් විද්‍යාඥවරියක වන, නිව් යෝර්ක්හි විල් කෝනෙල් වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍ය මෙලනි බෝල්බැක් පැවසුවේ එය, බලපෑම ආපසු හැරවිය හැකි, භාවිතයට පහසු උපත්පාලන ක්‍රමයක පූර්වනිමිති දැක්වූ බව යි.

එය අවසානයේ මිනිසුන් සඳහා ද සාර්ථක වන්නේ නම් පිරිමින් එය ගතයුතු වන්නේ ඕනෑම වාරයක්, ඔවුන්ට අවශ්‍ය විට දී පමණි. එමගින් ඔවුන්ගේ සරුබව ගැන එදිනෙදා තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙයි.

නමුත් එය ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂාව සපයන්නේ නැති බවට විශේෂඥයින් අනතුරු අඟවයි. ඒ සඳහා කොන්ඩම අවශ්‍ය වේ.

ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයයේ පුංජන විද්‍යාව (andrology) පිළිබඳ මහාචාර්ය ඇලන් පේසි මෙසේ පැවසීය: "පිරිමින්ට ඵලදායී, ආපසු හරවන්න පුළුවන්, මුඛ මාර්ගයෙන් ලබාගන්න පුළුවන් උපත් පාලන ක්‍රමේකට දැඩි අවශ්‍යතාවක් පවතිනවා. අවුරුදු ගණනක් පුරාවට විවිධ ප්‍රවේශයන් පරීක්‍ෂා කරලා තිබුණත්, ඒ කිසිවක් තවම වෙළඳපොළට ඇවිල්ලා නැහැ."

"මෙතන විස්තර කරලා තියෙන ප්‍රවේශය - ශුක්‍රාණුවල චලනයට තීරණාත්මක වෙන, ශුක්‍රාණුවල තියෙන ප්‍රධාන එන්සයිමයක් ඉවත් කරන එක - ඇත්තෙන්ම අලුත් අදහසක්. ඒකට හුඟක් ඉක්මණට ක්‍රියා කරන්නත්, ආපසු හරවන්නත් පුළුවන් වීම හරිම උද්වේගකර යි."

"මීයන් එක්ක කළ අත්හදා බැලීම ඒ මට්ටමේම කාර්යක්ෂමතාවකුත් එක්ක මිනිස්සු තුළත් සිදුකරන්න පුළුවන් නම්, මේක අප හොයන පිරිමි උපත්පාලන ක්‍රමය වෙන්න පුළුවන්."

මේ අතර, අනෙකුත් පර්යේෂකයන් තරමක් වෙනස් මාර්ගයක ගමන් කරමින්, ශුක්‍රාණු මතුපිට ඇති ප්‍රෝටීනයක් අවහිර කිරීම මඟින් ශුක්‍රාණුවල පිහිනීම නැවැත්වීමට ක්‍රමයක් සොයමින් සිටියි.

(මිෂෙල් රොබර්ට්ස්)
ඩිජිටල් සෞඛ්‍ය සංස්කාරක
BBC සිංහල සේවය 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්