රජය මගින් සහල්වලට පාලන මිලක් පනවා තිබිය දී කිසිම විටෙක ගොවීන්ගෙන් මිල දී ගන්නා

වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක මුදලක් ගෙවීමට වී මෝල් හිමියන්ට නොහැකි බව වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වී මෝල් හිමියන් අතර අද (16) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කෙරින.

කෙසේවෙතත් 'නිව් රත්න' සහල් මෝල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර වී කොලෝවක් රුපියල් 100ට මිලට ගැනීම සම්බන්ධයෙන් පැවසුවේ රජයේ එම තීන්දුව ගොවීන්ට සහනයක් බවයි.

නමුත් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරමින් ඩඩ්ලි සිරිසේන සඳහන් කළේ රුපියල් 100කට වී මිල දී ගැනීම මගින් ගොවියන්ට අසාධාරණයක් සිදුවන බවත්, ඊට වඩා මුදලක් ඔවුන් වෙත ලැබිය යුතු බවයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා සමග වී මෝල් හිමියන් තමන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, ඔවුන් සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් ගොවීන්ට ගෙවීමට එකඟ වූ රුපියල් 100 වී කිලෝවකට වූ සහතික මිල කිසිසේත්ම ඊට වඩා වැඩි මිලක් නියම කිරීමට තමන්ට නොහැකි බවට පැවසූ බවයි.

 

 

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්