හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ක්‍රීඩා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ බන්දුල බස්නායක

කොළඹ ජාතික රෝහලේදී අද (16) අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට 76 හැවිරිදි වියේ පසු වූ ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායකගේ පියණන් වේ.

හොකී, වොලිබෝල්, මලල ක්‍රීඩා සහ ජිම්නාස්ටික් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික ක්‍රීඩකයෙක් වූ බන්දුල බස්නායක දේශපාලනයට පැමිණීමට පෙර ගුරු පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ගල්ගමුව - ඇහැටුවැවදී සිදුකිරීමට නියමිතය.

 
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්