මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට උනන්දුවක් දක්වන කොළඹ දිස්ත්‍රික්යේ පදිංචි තරුණ තරුණියන් සඳහා දෙදින වැඩමුළුවක් පෙබරවාරි 21 සහ 22 යන දිනවල කොළඹදී පැවැත්වේ.


ජනමාධ්‍ය සඳහා ලේඛනය පිළිබඳව වන පළමු දින වැඩමුළුව, රාවය පුවත්පතේ හිටපු විශේෂාංග කර්තෘ හා රැස පුවත්පතේ හිටපු ප්‍රධාන උප කර්තෘ ජයසිරි ජයසේකර විසින් මෙහෙයවනු ලබන අතර, ජංගම මාධ්‍යකරණය (MOJO) පිළිබඳ දෙවන දින වැඩමුළුව මෙහෙයවන්නේ එම විෂයෙහි පුහුණුකරුවන් වන ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සහ චන්දන තිලක් ද සිල්වා විසිනි.

මෙම වැඩසටහන සංවිධානය කරන්නේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි.

අධ්‍යාපන කටයුතුවල හෝ වෙනත් වෘත්තීය ක්ෂේත්‍රවල නිරත වන අතරම, වරින්වර පැවැත්වෙන වැඩමුළු හා මාර්ගගත වැඩසටහන් ඔස්සේ ජනමාධ්‍යකරණය හැදෑරීමටත්, ප්‍රායෝගිකව ජනමාධ්‍යකරණයේ නිරත වීමටත් මෙම වැඩසටහන මගින් අවස්ථාව සැලසේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි ගොඩනැගෙන තරුණ මාධ්‍ය ජාලයක සාමාජිකයින් වීමේ අවස්ථාවද ඔවුන්ට හිමි වේ.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයට, නම, ලිපිනය, දුරකථන/වට්ස්ඇප් අංකය, අධ්‍යාපන මට්ටම යන තොරතුරු පෙබ. 19 වැනිදාට පෙර 076 999 4623 යන වට්ස්ඇප් අංකයට යොමු කිරීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

Media 2023.02.17

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්