ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID)  ප්‍රධානී ලෙස දැනට කටයුතු කරන සමන්තා පවර්

ලෝක බැංකුවේ මීළඟ ප්‍රධානියා ලෙස පත් කිරීම පිළිබඳව එරට රජයේ පාර්ශ්වයෙන් යෝජනා වී ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

සමන්තා පවර් ගේ නම මෙසේ යෝජනා වී ඇත්තේ, දැනට ලෝක බැංකුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඩේවිඩ් මැල්පාස් හදිසියේම තනතුරින් ඉවත් වීමත් සමගය.  

සමන්තා පවර්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ හිටපු මාධ්‍යවේදිනියකි.

ඇය ජනාධිපති බරක් ඔබාමා යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස සේවය කළාය.

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීරගේ සමීපතම මිතුරියක වන සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද මිතුරියක බව පැවසේ.

Samantha Mangala

මංගලගේ දේශපාලන දිවියේ 30 වසරක සැමරුමට 2019 වසරේ සංවිධානය කර තිබු උත්සවයට ඇමරිකානු රාජ්‍ය ලේකම් සමන්තා පවර් සිය සියලු වැඩ පසෙකලා ආරාධිත රාජ්‍ය තාන්ත්‍රික නිලදාරිනියක් ලෙසින් සහභාගී වූ අතර අමාත්‍යවරයා හදිසියේ මිය යාමෙන් පසුව ඇය සටහනක් තබමින්, සිය ජීවිතයේ හමුවූ විශිෂ්ට ගුණාංගවලින් යුතු සමීප මිතුරකු ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා හඳුන්වා දී තිබිණ.

(lankasara.com)


සබැඳි පුවත් :

'මංගලගේ අරමුණ අත්හැර දැමිය නොහැක' - සමන්තා පවර්

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්