පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වඩාත් විනිවිද භාවයෙන් යුත්

නීත්‍යානුකූල ක්‍රමවේදයක් සකසා පෙබරවාරි 28 වන දිනට පෙර ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනමාධ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර ඇත.


medialk.com වෙබ් අඩවිය වෙනුවෙන් එහි ප්‍රධාන සංස්කාරක තරිඳු ජයවර්ධන විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල යොමු කර ඇත්තේ, එම වෙබ් අඩවිය ලියාපදිංචි කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමේ දී ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශනය නොලැබුණු බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ය.

එම නිර්දේශය මගින් කියා ඇත්තේ, පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා රාජ්‍ය ආයතන පමණක් සම්බන්ධ කරගනිමින් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදය මගින් පමණක් තීරණ වලට එළඹීම ප්‍රායෝගික නොවන බවයි.

පුවත් වෙබ් අඩවි සඳහා ලියාපදිංචිය ලබාදීමේ රැස්වීම් සඳහා සහභාගී වී ඇත්තේ, ජනමාධ්‍ය අමාත්‍යංශය, යුධ හමුදාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීන් පමණකි.

(anidda.lk)

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්