පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.


එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, සිවිල් සංවිධාන සමග ඒකාබද්ධව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එළැඹෙන මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බරපතළ අවිනිශ්චිතතාවයක් මතුව ඇති බවත්, මුදල් අමාත්‍යාංශය මේ දක්වා මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දී නොමැති බවත් රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

මෙම කරුණු මත පදනම් ව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිය තහවුරු කිරීම සඳහා සිවිල් සංවිධාන හා එක්ව යම් මැදිහත් වීමක් සිදු  කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


මාලිමාව යූ.එන් යයි


මේ අතර පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කරමින් සිටින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමට ජාතික ජනබලවේගය ඊයේ (17) කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රමුඛ පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ ලිපියක් භාරදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එහිදී පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගේ ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට භාරදුන් බවයි.   

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්