වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුව ජනවාරි තුන්වැනිදා කැඳවීමෙන් පසුව නැවත වතාවක් වාර අවසන් කොට,

මහමැතිවරණය දක්වා පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ ආණ්ඩුවේ සැලසුමක් ඇතැයි වාර්තා වෙයි.

ඒ පිළිබඳව කළ විමසීමකදී අදහස් දක්වමින් ආණ්ඩුවේ සාමාජික පක්ෂයක නායකයෙකු ප්‍රකාශ කළේ ජනවාරි 02වැනිදා පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන බවත්, ඉන් පසුව අත්‍යවශ්‍ය පනත් සහ සංශෝධන කිහිපයක් සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තු රැස්වීම් දින කිහිපයක් පවත්වා නැවත වතාවක් මාස දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්නට සැලසුම් කර තිබෙන බවත්ය.

ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසා, මීළඟ මහමැතිවරණය දක්වා පවත්වන පාර්ලිමේන්තු රැස්වීම් ප්‍රමාණය හැකි තරම් අඩු කිරීම ආණ්ඩුවට දේශපාලනිකව වාසි සහගත බව ඔහු කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 70 වැනි ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම අදාළ ජනාධිපතිවරයාගේ බලතල පෙන්වා දී ඇත.  ඒ අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමේ ප්‍රකාශනය නැවත පාර්ලිමේන්තුව කැඳවන දිනය සඳහන් කර තිබිය යුතුය. එම දිනය එම ප්‍රකාශනය නිකුත් කොට මාස දෙකකට නොඅඩු දිනයක් විය යුතුය.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබියදී ව්‍යවස්ථාවේ බලය පැවරී ඇත්නම් පාර්ලිමේන්තුව විසුරුවීමේ හැකියාව  ජනාධිපතිවරයාට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන්නේ 2020 මාර්තු මාසයේ සිටය.

ඒ අනුව ජනවාරි මාසයේ මැද පාර්ලිමේන්තුවේ වාර අවසාන කළහොත් මාර්තු මාසයේ මැද දිනයක් දක්වා එය යළිත් නොකැඳවා සිටිය හැකිය.

(අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්