ඝාතනයට ලක්වු සියලුම මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් මඩකලපුව ගාන්ධි පාක් අසලදි ඊයේ (18) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.



නැගෙනහිර මාධ්‍ය සමාජය, යාපනය මාධ්‍ය සමාජය සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය යන සංවිධාන ඒකාබද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබු අතර එම අවස්ථාවට දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරින්, පුජක පක්ෂය ඇතුළු දකුණෙ සහ උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා පෙත්සමක් නැගෙනහිර මාධ්‍යවේදීන් විසින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගොවින්දන් කරුණාකරම් ට හට දි තිබුනේ ජනපති රනිල් වික්‍රමසිංහ භාර දිම සඳහාය.

 මෙම පෙත්සම ජනාධිපතිවරයා අතට පුද්ගලිකව භාරදිමේ වගකිම තමන් භාර ගන්නා බව ගොවින්දන් කරුණාකරම් පැවසිය.

අනික් ජනාධිපතිවරුන් මෙන් ජනාධිපති මන්දිරයේදි නොව පාර්ලිමේන්තුව තුලදි මෙම ජනාධිපතිවරයා හමුවීමේ අවස්ථා මේවනවිට මන්ත්‍රීවරුන් ට ලැබි ඇත්තේ ජනපතිවරයා නිතරම පාර්ලිමේන්තුවට පැමිණෙන නිසා බවද ඔහු කියා සිටියේය.

wp 1676703242989wp 1676701692068wp 1676703242964
IMG 0551


(citizenpostlk.com)





JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්