ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙරට පස්වන ''ජනරජ පෙරහර''

අති උත්කර්ෂවත් අන්දමින් අද (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කෙරිණි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහරේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අද පස්වරු 6.45ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් විය.

අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් විය.

පෙරහර නැරඹීම සඳහා අති විශාල ජනකායක් වීථි දෙපස රැස්ව සිටියහ.

{gallery}Janaraja Perahara{/gallery}


රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.

අභිමානවත් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ''විශේෂ ජනරජ පෙරහැරක්'' මහනුවර දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා උපදෙස් දී තිබුණි.

''ජනරජ පෙරහර'' යනු රටේ සුවිශේෂි සිදුවීමක් වන අවස්ථාවකදී රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත දළදා පෙරහැරට අමතරව පවත්වන විශේෂ පෙරහැරකි.

මෙහි විශේෂත්වය වන්නේ ජනරජ පෙරහැරදී ඇතා පිට දළදා කරඬුව වෙනුවට ජනරජ ලාංජනය රැගෙන යාමය.

ශ්‍රී ලංකාවේ මේ දක්වා ජනරජ පෙරහැර 4ක් පවත්වා තිබේ.

වේල්ස්යේ ආදිපාද එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණීම සනිටුහන් කරමින් 1875 වසරේදී පළමු ජනරජ පෙරහැර පවත්වා ඇති අතර, 1954 දී දෙවන ජනරජ පෙරහැර පවත්වා ඇත්තේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ සපැමිණීම වෙනුවෙනි.  

වික්ටෝරියා ජලාශ්‍රය විවෘත කිරීම සඳහා දෙවැනි එළිසබෙත් මහ රැජින දෙවන වරටත් ලංකාවට පැමිණීමේ අවස්ථාව සනිටුහන් කරමින් 1981 දී තුන්වන ජනරජ පෙරහැර පවත්වා තිබූ අතර 1987 දෙසැම්බර් 31 දින සිව්වන ජනරජ පෙරහර පවත්වා ඇත්තේ මහනුවර දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරීම වෙනුවෙනි.

ඒ අනුව වසර 34 කට පසු අද දින පස් වැනි ජනරජ පෙරහැර වීථි සංචාරය කෙරෙන්නේ 75 වැනි නිදහස් සැමරුමට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තයට විදේශිකයින්ගේ අවධානය යොමු කරගැනීමේ අරමුණින් ය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, ආචාර්ය විජයදාස රාජපක්ෂ, අලි සබ්‍රි, මනුෂ නානායක්කාර, ජීවන් තොන්ඩමන්, රාජ්‍ය ඇමතිවරුන් දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී  සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ  ද තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්